බෞද්ධයා නාලිකාවේ ධර්ම දේශනා විකාශය

අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් 2019 පෙබරවාරි 01 හා 02 යන දිනයන්හිදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලංකාරාම බෞද්ධ විහාරයේදී පවත්වන ලද චතුරාර්‍යය සත්‍යය හා පටිච්චසමුප්පාදය මැනවින් විස්තර කෙරෙන අති ගම්භීර වූ ධර්ම දේශනා ත්‍රිත්වය 2019 අප්‍රේල් 19 බක් පුර පසලොස්වක පුන් පොහෝ දින රාත්‍රී 6.30 සිට පුරා පැය 06ක් මුළුල්ලේ බෞද්ධයා රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කෙරේ. බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ සමගාමී විකාශයක්ද සිදු කෙරෙනු ඇත.

සියළු දෙනා දැනුවත් කිරීමෙන් මෙම ධර්ම දානයට ඔබටද දායක විය හැකිය.