දේශනා වීඩියෝ සහ “නිබ්බාණගාමිං පරමං හිතාය” නැවත මුද්‍රණය

2018-03-10 කිරුලපන ශ්‍රී යමුනා සදහම් අරමේදී පැවැත්වූ දේශනාවේ වීඩියෝ පටිගත කිරීම අප වෙත ලැබුණෙන් එය youtube එකට ඇතුළු කරන ලදී. එය මෙතැනින් ලබාගන්න. එය ලබාදුන් චාමින්ද මහතාට මේ ධර්ම දානමය පින අයත්වේ.

“නිබ්බාණගාමිං පරමං හිතාය” පොත නැවත මුද්‍රණය

පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමිපාදයන් වහන්සේ විසින් දේශිත, ව්‍යක්ත දේශනා රාශියක් ඇතුලත් කොට පිටු 338 ක් විශාල ග්‍රන්ථය, 2016 ජුනි මස එලි දක්වා ඇතත් එය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරනු ලබන දායකයින් රැසකි. එම ඉල්ලීම සලකා බලා මෙම ග්‍රන්ථය නැවත මුද්‍රණය කිරීමට සුදානම් කර ඇත. පිටපතක මුද්‍රිත වැය රුපියල් 149/=කි. මෙම පොත ලබාගැනීමට අවශ්‍ය අය කරුණාකර විමසන්න -> K. G. මුනිදාස – 071 443 8747

පොතේ අන්තර්ජාල සංස්කරණය pdf (අසෝක මහතාගේ නිවන වෙතටම පොත් 4 එකතුව)

මුද්‍රණය – නුගේගොඩ කොලිටි ප්‍රින්ටර්ස් ආයතනය