ධර්ම දේශනා පටිගත කිරීම් සහ අලුත් පොත

සුදස්සන හිමියන් විසින් 2017 වසරේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන්හිදී ලබුනොරුව ආරණ්‍යයේ දී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් මාර්ගය සහ ප්‍රතිපදාව විවරණය කරමින් පැවැත්වූ ඉතා වැදගත් දේශනා 29 ක් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගෙන ශ්‍රවණය කරන්න.

2017-10 සිට 2017-12 දක්වා ඉතා වැදගත් භික්ෂු දේශනා

මේ පටිගත කිරීම් සංශෝධනය කර අපවෙත ලබාදීමට කටයුතු කල ගාමිණී මහතාට මේ ධර්ම දානමය පින අයත්විය යුතුය. කලින් ලැබී තිබුණු දේශනා 13 ඉවත් කර මෙසේ මුළු දේශනා මාලාවම අලුතින් ඇතුළු කල බව කරුණාවෙන් සලකන්න.

නවම් පෝදින දේශනා

අති පූජනීය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් නවම් පොහෝ දින සිල් පිරිස වෙනුවෙන් කරන ලද ඉතා වැදගත් ධර්ම දේශනාවල පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න.

  1. 2018-01-31 නවම් පෝ දින උදාසන ධර්ම දේශනාව
  2. 2018-01-31 නවම් පෝ දින දහවල ධර්ම දේශනාව

මේ පටිගත කිරීම් සිදුකල සිසිරුවන් මහතාට ද ඒවා අපවෙත ලබාදීමට කටයුතු කල හර්ෂ මහතාට මේ ධර්ම දානමය පින අයත්විය යුතුය.

“ස්වාක්ඛාතො භගවතා ධම්මො” අළුත් පොත

පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ 2017-10-27 සහ 2017-10-28 දින දෙකේ පැවැත්වූ භික්ෂු දේශනා ඇතුලත් කරලා කලණ මිතුරු මුනිදාස මහතා සැකසූ අලුත් ධර්ම පුස්තකය ඉතා අඩු මුදලකට මුද්‍රණය කරන්න කටයුතු සුදානම් කරලයි තියෙන්නේ.

පොතේ අන්තර්ජාල සංස්කරණය

පිටු 78 ක් සහිත පොතකට යන මුද්‍රණ වියදම රු. 34/- ක් පමණි. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය මුණිදාස මහතාට දැනුම් දෙන්න 0714438747 හෝ 0773295174.