ධම්මහදය විහාරයේ ප්‍රථම කථින පූජෝත්සවය

දැනට වැඩ බොහෝ දුරට අවසන්ව ඇති අනුරාධපුර ධම්මහදය විහාරයේ 2016-11-04 දින පැවැත්වූ ප්‍රථම ධර්ම දේශනාව සහ 2016-11-05 වැනි දින පැවැත්වූ ප්‍රථම කථින පූජෝත්සවයට අදාළ චායාරුප මෙතැනින් බලන්න. ධර්මශාලා තුනකින් සහ කුටි 10 කින් යුතු තුන්මහල් විහාරයේ වැඩ බොහෝ දුරට අවසන් වී ඇති අතර භික්ෂුන් වහන්සේලා 30 දෙනකුට පමණ පහසුවෙන් වාසය කල හැකිය.

මේ සඳහා මුදල් පරිත්‍යාග කල සියලු දෙනාට බොහෝ කාලයක් හිත සුව පිණිස මේ පිංකම ඉවහල් වනවා ඇත. මෙම ස්ථානයේ ඉදිරියට ද පැවැත්වෙන සියලුම පින්කම් ඒ පින්වතුන්ගේ දායකත්වය නිසාම සිදුකිරීමට හැකිවේ. මුදල් පරිත්‍යාග කළ පිරිස.

ධර්ම දේශනාවේ හඬ පටිගත කිරීම පහතින් ලබා ගන්න

2016-11-04 කථින දේශනාව – ධම්මහදය